ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍යය මුනීර් මුලෆ්ෆර් මහතා සහ ජාතික ජන බලවේගය ඉලක්ක කරගෙන ද්වේෂ සහගත ලෙස ජනතාව අතර වෛරය පැතිරවීමට කුමන්ත්‍රණයක් දියත් කර ඇති බවට අපට නිරීක්ෂණය වී ඇත.
යම් පුද්ගලයෙක් සැලසුම් සහගතව අමාත්‍යවරයාගේ නමින් පෙනී සිටිමින් පුද්ගලයින්ට දුරකතන ඇමතුම් ලබාදී තමන් මුනීර් මුලෆ්ෆර් බවත් පක්ෂයේ කටයුත්තකට මූල්‍ය සහයක් ලබාදෙන බවටත් පවසා මුදල් ඉල්ලා ඇත. මේ ආකාරයට මෙම වංචනිකයා දානපතියන් සහ විදෙස් රටවල සේවයේ නියුතු ශ්‍රමිකයින් රවටා මුදල් ගසා කෑමට උත්සාහ දරා ඇත.
එබැවින් මේ පිළිබඳ විමසිලිමත්ව කටයුතු කරන ලෙසත් එවන් වංචනිකයින්ට හසුනොවන බවටත් අපි මහ ජනතාවගෙන් ඉල්ලා සිටින අතර එම වැරදිකරුවන් ගැන යම් තොරතුරක් වෙතොත් අප වෙත දැනුම්දෙන (0779921955) ලෙසත් අපි ඉල්ලා සිටිමු.
මාධ්‍ය ලේකම්,
ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍යාංශය. 2025-01-26.
